එල්ලා මැරීම නවත්වයි ද?


මරණ දණ්ඩනය නියම වූ රැඳවියන් 3ක් නඩු පවරයි

.

ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව එල්ලා මැරීමේ ක්‍රමය අමානුෂික බව පවසමින් ඕසකා හි මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන් තිදෙනෙක් අඟහරුවාදා රජයට එරෙහිව නඩුවක් ගොනු කළහ.

පැමිණිලිකරුවන් තිදෙනාම වසර 10 කට වැඩි කාලයක් ඔසාකා රැඳවුම් නිවාසයේ රඳවා තබා ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙක් ඔවුන්ගේ දඬුවම් අභියාචනා කිරීමේ ක්‍රියාවලියේ ද යෙදී සිටිති.

පැමිණිල්ලේ නීතීඥ ක්යෝජි මිසුතානි කියා සිටියේ මෙම නඩුව ජපානයේ "මරණ දඬුවමේ යථාර්ථය ඉස්මතු කිරීම" සහ එම දඬුවම දිගටම පැවතිය යුතුද යන්න පිළිබඳව මහජන සංවාදයක් ඇති කිරීම අරමුණු කරගත් බවයි.

ජපාන දණ්ඩ නීති සංග්‍රහය යටතේ මරණ දඬුවම ලබා දීමේ එකම මාධ්‍යය ලෙස එල්ලා මැරීම අමානුෂික ක්‍රියාවක් බවත් එය දරාගත නොහැකි වේදනාවක් ඇති කරන බවත් මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් කඩ කරන බවත් පැමිණිලිකරුවන් කියා සිටිති.

111 Views

Comments