Manga කාටූන් කලාව නව මානයකට


ජපානයට ආවේණික වූ Manga කාටුන් සහ ඒ ආශ්‍රිත සජීවීකරණ චිත්‍රපටි ..

.

ජපානයට ආවේණික වූ Manga කාටුන් සහ ඒ ආශ්‍රිත සජීවීකරණ චිත්‍රපටි සඳහා දුරස්ථ නිර්මාණකරණ පද්ධතියක් සකස් කිරීමට Manga කාටුන් කලාවේ උපත සිදු වූ Kochi ප්‍රදේශයෙන් පසුගියදා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

මේ අනුව ජපානය පුරා විහිදී සිටින Manga නිර්මාණකරුවන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ එක්ව වැඩ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම අපේක්ෂිතයි. Kochi නාගරික පාලක සභාව අනෙකුත් නාගරික පාලන ඒකක  තුනක් සමග සහ Kochi Shinkin බැංකුව සමඟ එක්ව මෙම නව දුරස්ථ ක්‍රියාකාරී ව්‍යාපෘතිය දියත් කර ඇති අතර නව Manga නිර්මාණකරුවන් ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කර ගැනීමට ද අපේක්ෂා කෙරේ.

413 Views

Comments