යුක්‍රේනයේ අවිනිශ්චිතතාවය මධ්‍යයේ ඉහළ යන බලශක්ති මිල ගණන්


රුසියානු යුක්රේන ගැටුම හමුවේ ලෝකයේ බලශක්ති මිල ඉහළ යයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයත් සමඟ ගෝලීය බලශක්ති සැපයුම පිළිබඳ උද්ගත වී ඇති අවිනිශ්චිතභාවය, කලක් ගතවන තුරු බලශක්ති මිල ඉහළ මට්ටමක තබා ගැනීමට හේතුවක් විය හැකි බව අඟහරුවාදා දින නිකුත් කරන ලද ජපානයේ වාර්ෂික බලශක්ති වාර්තාව මගින් පෙන්වා දී තිබේ .

 

Tokyo විසින් Moscow වෙත සම්බාධක රාශියක් පනවා තිබියදී වුවත් බලශක්තිය හිඟ රටක් වන ජපානය සඳහා සාධාරණ පිරිවැයක් යටතේ ස්ථාවර බලශක්ති සැපයුමක් ලබා ගැනීමට රුසියාවේ ඈත පෙරදිග දූපතක් වන Sakhalin හි තෙල් හා ගෑස් ව්‍යාපෘතිවලින් හිමිවන සැපයුම් රඳවා තබා ගැනීම අත්‍යාවශ්‍ය බව බලශක්තිය පිළිබඳ නවතම ධවල පත‍්‍රිකාව මගින් අවධාරනය කර ඇත. 

 

"ජපාන ආර්ථිකයේ ප්‍රමුඛතාවය වන්නේ බලශක්ති ප්‍රභවයන් සහ සැපයුම්කරුවන් විවිධාංගීකරණය කිරීම වැනි ප්‍රයත්නයන් හරහා බලශක්ති ආනයන මිල යම් මට්ටමකට අඩු කර ගැනීම සහ බලශක්ති ඵලදායිතාව වැඩිදියුණු කිරීමයි" යනුවෙන් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ .

91 Views

Comments