අශෝභන ක්‍රියා සම්බන්ධයෙන් ජපන් නළු Teruyuki Kagawa සමාව අයැද සිටියි


Teruyuki Kagawa ඔහු ගේ නොමනා හැසිරීම සම්බන්ධයෙන් සමාව අයදී

.

සතිපතා පලවන Shukan Shincho හි අගෝස්තු 25 දින සංස්කරණය මගින් ප්‍රථම වතාවට ජපන් නළු Teruyuki Kagawa විසින් සිදු කරන ලද බවට පැවසෙන අසභ්‍ය ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමත් සමඟ 56 හැවිරිදි නළුවා විසින් සෑම සිකුරාදා උදෑසනකම මෙහෙයවනු ලබන "The Time" වැඩසටහනේ අද දින විකාශය ආරම්භයේදී,  සියලු දෙනාගෙන් සමාව අයැද සිටි බව වාර්තා වේ .

 

2019 ජූලි මාසයේදී Kagawa විසින් Tokyo අගනුවර Ginza දිස්ත්‍රික්කයේ මත්පැන් හලකදී එහි සිටි සේවිකාවකගේ යට ඇඳුම් ඉවත් කිරීම සහ ඇගේ පපුව ප්‍රදේශය ස්පර්ශ කිරීම ඇතුළු ක්‍රියා සිදු කර ඇති බවට මෙහිදී චෝදනා එල්ල වී තිබූ අතර එම කාන්තාව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමිකතාවකින් පෙළෙන බව ද වැඩිදුරටත් මෙම වාර්තාව සදහන් විය .

 

"කැලඹීමක් ඇති කළ සතිපතා සඟරා වාර්තාවක් සම්බන්ධයෙන් සිදුවූ අපහසුතාවය පිළිබඳව සැබවින්ම කණගාටුයි. කනස්සල්ල සහ සිත් වේදනාව මම ඔබ සැමට ඇති කළෙමි. මම මට ලබා දී ඇති කාර්යයන් සඳහා කඩිසරව, උනන්දුවෙන් සහ මගේ උපරිමයෙන් වැඩ කරන්නෙමි. සියල්ලටම වඩා, මම ස්තුතිවන්ත වීමට අමතක නොකර මගේ කාලය ගත කිරීමට කැමැත්තෙමි. මට මේ වගේ දවසකට මුහුණ දෙන්න වුණා. මම සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටිනවා " යනුවෙන් ඔහු මෙහිදී ප්‍රකාශ කළ නමුත් සමාව ඉල්ලා සිටින්නේ කුමක් සඳහාද යන්න මෙහිදී ඔහු විසින් විශේෂයෙන් අවධාරණය නොකළේය.

154 Views

Comments