සුප්‍රසිද්ධ ටොයෝටා වාහන නිෂ්පාදන සමාගම ජපාන අභ්‍යවකාශ ඒජන්සිය හා සමග එක්ව චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියකට අවශ්‍ය රොබෝ rover රථයක් සහ රොබෝ අතක් නිර්මාණය කිරීම ආරම්භ කර තිබේ.
වසර 2040 වන විට සඳ මත මනුෂ්‍ය ජනාවාස පිහිටුවීම සහ ඉන් අනතුරුව අඟහරු ගවේෂණ කටයුතු සඳහා යන මූලික අරමුණු ඉටු කර ගැනීම මෙම ව්‍යාපෘතිවල අරමුණ බව Toyota පවසයි. මෙම චන්ද්‍ර රෝවර් රථයට නම තබා ඇත්තේ "Lunar Cruiser " ලෙසයි. ටොයෝටා සමාගමේ සුප්‍රසිද්ධ නිෂ්පාදනයක් වන Land Cruiser මාදිලිය සිහි ගැන්වීමට මෙම නම යොදා ඇති බව වාර්තා වේ.