Abe මහතාගේ රාජ්‍ය අවමංගල්‍යය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කෙරේ


ඇතැම් පිරිස් හිටපු අගමැතිගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය හෙළාදකියි

.

පසුගිය ජුලි මාසයේදී ඝාතනයට ලක් වූ හිටපු අගමැති Shinzo Abe වෙනුවෙන් එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හේතුවෙන් ජපාන ජනතාවගේ මූලික නිදහස උල්ලංඝනය වන බවට පවසමින් නීතිවේදීන් සහ තවත් උගතුන් බොහෝ පිරිසක් එක්ව රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට එරෙහිව අගෝස්තු 26 වැනි දින ප්‍රකාශයක් නිකුත් කර තිබේ .

 

"රාජ්‍ය අවමංගල්‍ය උත්සවය, රජය විසින් තම ජනතාව එකතු කර ගනිමින් Abeට අනුකම්පා කර ඉටු කරනු ලබන චාරිත්‍රයක් වනු ඇත. එමෙන්ම එය මහජනතාවගේ සිත තුළ අනුකම්පාව බලෙන් ඇති කරවීමේ උත්සහයක් වනු ඇත. එය හෘද සාක්ෂියේ නිදහස සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි වගන්තියට පටහැනිය" යනුවෙන් ඔවුන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් වේ.

 

එදිනම Tokyo අගනුවර පැවති මාධ්‍ය හමුවකදී, ආධාරකරුවන් 118 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පිහිටුවන ලද සංගමය නියෝජනය කරමින් නීතීඥයින් සහ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු කණ්ඩායමක් තර්ක කරමින් කියා සිටියේ " සැප්තැම්බර් 27 ට නියමිත රාජ්‍ය අවමංගල්‍යය රජය විසින් සිදු කරන්නක් වුවද බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කිරීම හරහා මහජනතාවට සහභාගී වීමට බල කෙරෙනු ඇති" බවයි.  

 

"මහජන මත විමසුම් වලින් බොහෝ අය රාජ්‍ය අවමංගල්‍යයට විරුද්ධ බව පෙන්වා දී ඇති අතර, ඔවුන්ට හඬ නැඟීමට අවස්ථාවක් නිර්මාණය කිරීමට අපි කැමැත්තෙමු" යනුවෙන් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් නීතීඥ Kazuyuki Azusawa කියා සිටියේය.

103 Views

Comments