Osaka ප්‍රාන්තයේ Sakai ප්‍රදේශයේදී සිය 20 හැවිරිදි පෙම්වතිය ඝාතනය කළ බවට සැකපිට Kojiro Yamamoto නම් 23 හැවිරිදි තරුණයෙකු ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සිකුරාදා රාත්‍රී 10.40 ට පමණ ප්‍රදේශයේ වීථියක් දිගේ ඇවිද යමින් සිටියදී ඔවුන් දෙදෙනා අතර ඇතිව තිබූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සැකකරු විසින් තම පෙම්වතියගේ පපුවට සහ බඩට කිහිප වතාවක් පිහියෙන් ඇන ඇති බව පැවැසේ.
එම අවස්ථාවේදී ඒ අසලින් ගිය පුද්ගලයෙකු 110 අමතා සිද්ධිය පිළිබඳව පොලීසියට පවසා ඇති අතර පොලිසිය පැමිණෙන විටත් එම ස්ථානයේම රැඳී සිටි විශ්වවිද්‍යාල සිසුවෙකු වන Yamamoto, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පිහි ඇනුමෙන් තුවාල ලැබූ කාන්තාව වහාම රෝහල් ගත කර ඇති නමුත් අධික රුධිර වහනය හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවත් සැකකරුගේ මරණීය චේතනාව පිළිබඳව නිශ්චිත නිගමනයකට තවමත් එළඹ නොමැති බවත් පොලිසිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.