රට තුළ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව සිටින දැඩි රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන COVID-19 රෝගීන් හට මුව ආවරණයක් පැළඳ , වෛරසය පැතිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා තාක් කල් දෛනික අවශ්‍යතා මිලදී ගැනීම සඳහා තම නිවෙස්වලින් පිටතට යාමට ඉඩ ලබා දීම පිළිබඳව ජපාන රජය සලකා බලමින් සිටින බව මේ සම්බන්ධ සමිප ආරංචි මාර්ග සෙනසුරාදා ප්‍රකාශ කළේය.
වසංගතයේ හත්වන රැල්ල මධ්‍යයේ බොහෝ කලාපවල වාර්තාගත පුද්ගලයන් සංඛ්‍යාවක් වෛරසයට ගොදුරු වීම සහ වෛරසයේ ව්‍යාප්තිය පහව යාමේ සලකුනු නොපෙන්වීම හේතුවෙන් දෛනික සමාජීය ක්‍රියාකාරකම් කඩාකප්පල් වීම මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට හේතු වී ඇති අතර මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය Fumio Kishida කියා සිටියේ "ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේද යන්න තීරණය කිරීමට පෙර රජය සම්පූර්ණයෙන්ම එය සාකච්ඡා කරන බවයි."
මේ වනවිට , COVID-19 සඳහා ධනාත්මක බව තහවුරු වූ රෝගීන් වෛරසය ආසාදිත බවට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් දින 10 ක කාලයක් සහ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් දින හතක කාලයක් නිවසේ හුදකලා කිරීම සිදු කෙරෙන අතර රෝග ලක්ෂණ පහළ වී 10 වැනි දින සිට වෛරසයේ ව්‍යාප්තියට දායක වීමක් සිදු නොවන බැවින් ආසාදන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගියහොත් සමාජයේ ක්‍රියාකාරිත්වය අඩාල වීම වැළැක්වීම සඳහා රෝග ලක්ෂණ සහිත රෝගීන් හුදකලා කිරීමේ කාලය සතියක් දක්වා කෙටි කිරීමට රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ .