ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග ජපානය තුල නැවත කොරෝනා වසංගත තත්ත්වය ශීඝ්‍රයෙන් හිස ඔසවා ඇති බව දැන් නොරහසකි. රෝහල් පිරී ගොස් ඇති අතර බාහිර රෝගී අංශද වෛද්‍යවරුන්ට පාලනය කරගත නොහැකි මට්ටමට ලගා වී තිබුණි. බාහිර රෝගී අංශ වල දැඩි තද බදය අඩු කිරීමට පසුගිය දා ජපාන රජය විසින් දැඩි රෝග ලක්ෂණ නොපෙන්වන තරුණ ප්‍රජාවට නිවසට මේ ප්‍රතිකාර ගැනීමට උත්සාහ කරන ලෙස ඉල්ලීම් කර තිබිණි.
කෙසේ නමුත් පසුගිය අඟහරුවාදා වන විට එම අගය 264,000ක් තරම් ඉහළ අගයක් ගැනුණි.එය සති දෙකක් ඇතුලත එලෙස නිවාස නිරෝධානයට ලක්වන පිරිස දා හතර ගුණයකින් වැඩි වීමකි.