ජපානයේ නිවසක් තුළදී අඹුසැමි යුවළක් ඝාතනය කෙරේ


යොකොහමා ප්‍රාන්තයේ අඹු සැමි යුවලක් ඝාතනය කරයි

.

Yokohama ප්‍රාන්තයේ Nishi Ward හි පිහිටා ඇති මහල් නිවසක දෙවන මහලේ තිබියදී මාරාන්තික පිහි ඇනුමකට ලක්ව මියගිය බවට පැවසෙන Takashi Hagiwara නම් 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ සහ ඔහුගේ බිරිඳ ලෙස හඳුනාගත් 63 හැවිරිදි Noriko නම් කාන්තාවකගේ මළ සිරුරු සෙනසුරාදා අලුයම 4.30 ට පමණ ඔවුන්ගේ නිදන ඇතිරිලි මත වැටී තිබියදී සොයාගැනීමට හැකි වූ බවත් මෙම අමානුෂික ඝාතනය කළ බවට සැකකෙරෙන මියගිය යුවළගේ 30 හැවිරිදි බෑණා වූ Fumitika Nagai පසුව තම නිවසේදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කළේය . 

 

නිවසේ ආරක්ෂක සීනුව නාද වීමත් සමඟ ඔවුන්ගේ දියණිය 110 අමතා සිදුවීම පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර මියගිය අයගේ සිරුරු අසල බිම තිබියදී ඝාතනය සදහා යොදාගෙන තිබූ පිහිය හමූවී තිබේ. මෙහිදී තුවාල ලැබූ යුවළ වහාම රෝහල් ගත කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබූ නමුත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිට ඇති බව වාර්තා වේ.

 

ඔවුන්ගේ බෑණා වූ Fumitika ගේ සිරුර මියගිය අයගේ නිවසට යාබදව පිහිටි ඔහුගේ නිවසේ බැල්කනියේ එල්ලෙමින් තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ . 

 

සැකකරුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඇගේ දෙමාපියන් සමඟ නැවතී සිට ඇති අතර ඔවුන්ට කිසිදු අයුරකින් තුවාලයක් සිදුවී නොමැති බවත් ඝාතකයා වූ Fumitika තනියම යාබද නිවසේ වාසය කර ඇති බවත් පොලීසිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය .

101 Views

Comments