විචිත්‍රවත් මල් පලසක් නිර්මාණය කළ ජපාන උද්‍යානය


Shikisai no oka උද්‍යානය සංචාරකයන්ගේ ආකර්ෂණය වඩාත් දිනාගනී

.

උතුරු ජපානයේ Hokkaido ප්‍රාන්තයේ Biei නගරයේ පිහිටා ඇති හෙක්ටයාර 15 ක පමණ විශාලත්වයකින් යුතු    Shikisai-no-oka උද්‍යාන භූමිය තුළ විවිධ වර්ග වලට අයත් පැළ රාශියකින් යුතු වර්ණවත් මල් පලසක් දක්නට ලැබේ.  

 

උද්‍යාන භූමිය තුළ  Salvia, Marigold සහ Cockscomb ඇතුළු ප්‍රභේද 15 කින් පමණ සමන්විත ශාක 300,000 ක පමණ වගා කර ඇති අතර ඒවායෙහි වසන්ත කාලය එළඹ ඇති බැවින් සෑම පැලයක්ම ඒවාට ආවේණික වර්ණවත් මලින් බර වී තිබේ. මෙම දුර්ලභ දර්ශනය එළැඹෙන සැප්තැම්බර් මස අවසානය වනතෙක් නරඹන්නන් හට දැකබලා ගත හැකි වන අතර එය මල් පිපීමේ උච්චතම සමය ලෙස සැලකේ. 

 

සංචාරකයින්ගේ සිත් ආකර්ශනීය අයුරින් ඇද තබා ගත හැකිවන පරිදි කඳුකර භූමිය තුළ නිර්මාණය කරන ලද මෙම පලසේ වර්ණවත් මල් යාය තීරු වශයෙන් වෙන් කර ඇති අතර එහි ඇතැම් තැනෙක බෞද්ධ කොඩියේ වර්ණ 5 පිලිවෙලින් දැකගත හැකිය. 

 

උද්‍යාන භූමියට ඇතුළු වීම සඳහා ප්‍රාථමික සහ කනිෂ්ඨ උසස් පාසල් සිසුන්ගෙන් යෙන් 300 ක් සහ උසස් පාසල් සිසුන් සහ වැඩිහිටියන්ගෙන් යෙන් 500 ක මුදලක් අය කෙරෙන අතර නරඹන්නන් හට ට්‍රැක්ටරයෙන් ඇදගෙන යන මැදිරිවලට නැගී හෝ යතුරුපැදි කරත්තවලට නැගී උද්‍යානය වටා ගමන් කරමින් මෙම අලංකාර දර්ශනය භුක්ති විඳීමට අවස්ථාව සලසා දී තිබේ.

164 Views

Comments