කොකුරා කනිෂ්ඨ පාසලෙන්  කොරෝනා ආසාදිතයින් පොකුරක් මතුවෙයි


Kokura කනිෂ්ඨ පාසලෙන් කොරෝනා ආසාදිතයින් පොකුරක් මතුවෙයි

.

මිනාමි කොකුරා කනිෂ්ඨ උසස් පාසලේ (Kokura Kita Ward, Kitakyushu City) ගුරුවරුන් 22 න් 11 දෙනෙකුට නව කොරෝනා  වෛරසය ආසාදනය වී ඇති බව Kitakyushu City අධ්‍යාපන මණ්ඩලය 28 වන දින නිවේදනය කළේය. පාසල තුළ ආසාදිත පිරිසක් ඇති වීමේ ඉඩකඩක් හේතුවෙන් ලබන 29 වැනිදා සිට දින තුනක කාලයක් පාසල වසා තැබේ. සිසුන් අතර කිසිදු ආසාදනයක් මෙතෙක් තහවුරු වී නොමැත.

 

 

නගර අධ්‍යාපන මණ්ඩලයට අනුව එක් ගුරුවරයෙකුට corona  ආසාදනය වී ඇති බව පසුගිය 24 වැනිදා අනාවරණය විය. මීට අමතරව 26 වැනිදා 3 දෙනකු ද, 27 වැනි දා 4 දෙනකු ද, 28 වැනි දින 3 දෙනකු ද ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර ඔවුන් නිවෙස්වලට වී ප්‍රතිකාර ලබමින් සිටිති. තවත් ගුරුවරුන් දෙදෙනකු සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට පැමිණිලි කර ඇති අතර ඔවුන් ලබන 29 වැනිදා වෛද්‍යවරයකු හමුවීමට නියමිතය.

 

පාසල් වසා දැමීමේ කාලය තුළ පාසල සිසුන්ට බෙදා හරින ලද ටැබ්ලට් පරිගණක හරහා  මාර්ගගත පන්ති පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

Comments