තානාපති කාර්යාල නිලධාරීන් JITCO ජේෂ්ඨ උප සභාපති සමග සුහද සාකච්ඡාවක


ශ්‍රී ලංකාවේ තවත් අභ්‍යාස ලාභීන්ට අවස්ථාව ලබාදීමේ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙයි

.

තානාපති කාර්යාල නිලධාරීන් ජපාන ජාත්‍යන්තර අභ්‍යාසලාභී සහ පුහුණු සේවක සහයෝගිතා සංවිධානයේ (JITCO) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂිගෙඕ මත්සුතොමි මහතා සමඟ 2022 අගෝස්තු 29 වැනි දින සුහද සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාවේදී, ජපන් සමාගම් විසින් බඳවා ගන්නා ශ්‍රී ලාංකික තාක්ෂණික සීමාවාසික අභ්‍යාසලාභීන් (TITP) සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා JITCO ආයතනයෙහි සහාය ලබාගතහැකි ක්‍රමවේද පිළිබඳව අවධානය යොමු කෙරිණි. තවද, ජපානයේ අධීක්ෂණ සංවිධාන සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීමේ හැකියාව සහ එම සංවිධාන, ශ්‍රී ලංකාවේ පිළිගත් සිසුන් බඳවා ගැනීමේ සංවිධාන සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව පරීක්ෂා කිරීමට ද දෙපාර්ශවය එකඟ විය.

100 Views

Comments