යෙන් අගය සීඝ්‍රයෙන් ක්ෂයවේ


යෙන් අගය ක්ෂය වීම පිළිබඳව ජපාන රජය සහ බැංකුව කනස්සල්ල පළ කරයි

.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යෙන් හි අගය මෑත කාලීනව වේගයෙන් ක්ෂය වීම සම්බන්ධයෙන් ජපාන රජය සහ ජපාන බැංකුව ඉමහත් කනස්සල්ලට පත්ව සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු සිකුරාදා කියා සිටියහ.

 

"රජය සහ ජපාන බැංකුව සමීපව සහයෝගයෙන් කටයුතු කරන අතරම මුදල් වෙළඳපොලේ වර්ධනයන් මෙන්ම ආර්ථිකයට සහ භාණ්ඩ මිල කෙරෙහි එහි බලපෑම ඊටත් වඩා සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කරනු ඇත" යනුවෙන් මූල්‍ය සේවා නියෝජිතායතනය සමඟ ඔවුන් එක්වී නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක සඳහන් වේ.

 

බ්‍රහස්පතින්දා දින වසර 20 කට පසුව යෙන් හි අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 134 ලෙස අවම මට්ටමකට වැටීම හේතුවෙන් ඔවුන් සාකච්ඡාවක් පවත්වා සිය කනස්සල්ල ප්‍රකාශ කළ අතර මෙලෙස ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය .

211 Views

Comments