ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන Kyoto පදනම් කරගත් Kyocera සමාගමේ නිර්මාතෘ සහ එහි ගෞරවනීය සභාපති ලෙස කටයුතු කළ නිරිතදිග ජපානයේ Kagoshima හි උපත ලැබූ Kazuo Inamori මහතා අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ සමාගම අඟහරුවාදා නිවේදනය කළේය.
90 හැවිරිදි වියේ පසුවූ ඔහු වර්ෂ 2010 දී ජපන් රජය විසින් සිදු කරන ලද ආයාචනයකට ප්‍රතිචාර වශයෙන් ජපන් එයාර්ලයින්ස් සමාගමේ සභාපති බවට පත් වූ අතර එවකට දැඩි අර්බුද රාශියකට මුහුණ පා සිටි ගුවන් සේවයේ වාසනාව වෙනස් කිරීමට උදව් කළේය.
එමෙන්ම ඔහු විසින් වර්ෂ 1959 දී එනම් ඔහුට වයස අවුරුදු 27 වනවිට සියුම් පිඟන් භාණ්ඩ පිළිබඳ විශේෂඥතාවක් ඇති Kyocera හි පූර්වගාමියා වූ Kyoto Ceramic සමාගම ආරම්භ කළ අතර වර්ෂ 1966 දී එහි සභාපති වීමෙන් පසුව, Kyocera නිශ්පාදිතය ස්මාර්ට් ජංගම දුරකතනයේ සිට දියර නිෂ්පාදන දක්වා පරාසයකට පුළුල් කිරීමට Inamori මහතා කටයුතු කළේය.