ඕසකා ප්‍රාන්තයේ ඉබරාකි හි පොලිසිය විසින් 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පෙරේදා(30) වාහන නැවැත්වීමේ ස්ථානයක ඇති වූ ආරවුලකදී 61 හැවිරිදි වැඩ කරන සගයකුට පහර දී මරණයට පත් කල බවට සැකපිටයි.
මෙම සිද්ධිය පෙරවරු 9:10 ට පමණ සිදුවී ඇති අතර ප්‍රවාහන සමාගමක තාවකාලික රියදුරෙකු වන Masayuki Horikawa විසින් එම සමාගමේම තාවකාලික රියදුරෙකු වන Koji Kawasaki ට ද පහර දී ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයාට පහර දුන් බව හොරිකාව පිළිගෙන ඇති නමුත් ඝාතනය කිරීමේ චේතනාව ප්‍රතික්ෂේප කළ බව පොලිසිය පවසයි.