Hinnamnor දිගින් දිගටම ජපානයට බලපෑම් ඇති කරයි


Hinnamnor සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ අයහපත් කාලගුණ තත්ත්වයක් බල පවත්වයි

.

ජපානයේ කාලගුණ බලධාරීන් අනතුරු අගවන පරිදි  Hinnamnor සුළි කුණාටුව රටේ නිරිතදිග දූපත්වලට නිවාස පෙරළීමට තරම් ප්‍රබල බලයකින් හමායා හැකි බව ආරංචි මාර්ග පවසයි

 

කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ බදාදා අලුයම 1 වන විට සුළි කුණාටුව පැයට කිලෝමීටර් 30 ක වේගයෙන් ඔකිනාවා ප්‍රාන්තයේ මිනාමි ඩයිටෝජිමා දූපතට ඔබ්බෙන් වූ මුහුද හරහා බටහිර දෙසට ගමන් කළ බවයි.

 

Hinnamnor බදාදා උදෑසන Daitojima කලාපයට සමීප වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ශක්තිමත් ගොඩනැගිලි තුළ රැඳී සිටින ලෙසත්, පිටතට යාමෙන් වළකින ලෙසත් කලාපයේ ජනතාවට  මේ වන විට උපදෙස් ලබා දී ඇත .

 

කුණාටුව එහි කේන්ද්‍රය ආසන්නයේ පැයට කිලෝමීටර් 198ක් තරම් ඉහළ සුළං වේගයක් ඇති අතර පැයට කිලෝමීටර් 270ක් දක්වා තද සුළංද ඇතිවිය හැකි බව ප්‍රකාශ කර තිබේ .

 

ඔකිනාවා ප්‍රදේශයේ මීටර් 10ක් සහ කගෝෂිමා ප්‍රාන්තයේ අමාමි ප්‍රදේශයේ මීටර් 6ක් උස රළ සහිත මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

බ්‍රහස්පතින්දා අලුයම දක්වා පැය 24 තුළ ඩයිටෝජිමා කලාපයට මිලිමීටර් 180 ක වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරයි.

 

සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර එහි මධ්‍යම වායුගෝලීය පීඩනය බදාදා පස්වරුවේ හෙක්ටොස්පස්කල් 915 දක්වා ළඟා වනු ඇත.

 

සුළි කුණාටුව සිකුරාදා සිට සෙනසුරාදා දක්වා ඔකිනාවාට දකුණින් වූ මුහුදේ නිශ්චල වීමට ඉඩ ඇති බවත් බලගතු සුළි කුණාටු, උස් රළ, මඩ නාය යෑම්, පහත් බිම් ගංවතුර සහ  පිටාර යා හැකි ගංගා පිළිබඳව නිලධාරීන් අනතුරු අඟවයි.

100 Views

Comments