එළැඹෙන 2023 මූල්‍ය වර්ෂය සඳහා ජපානයේ අමාත්‍යාංශ සහ නියෝජිතායතනවල සාමාන්‍ය ගිණුම් අයවැය ඉල්ලීම් යෙන් ට්‍රිලියන 110 ක් එනම් ඩොලර් බිලියන 790 ක් ඉක්මවා ගොස් ඇති අතර, මෙහිදී මූලික වශයෙන් ආරක්ෂක වියදම් පිරිවැය වාර්තාගත ලෙස ඉහළ යාමට ඉඩ ඇති බව පසුගියදා සිදු කරන ලද සමික්ෂණයක දත්ත මත පදනම්ව බදාදා ප්‍රකාශයට පත් කරන ලදී.
2022 මූල්‍ය වර්ෂය සඳහා වූ අයවැය පිරිවැය යෙන් ට්‍රිලියන 111.66 ක වාර්තාගත අගයක සිට වසර පහකට පසු මෙලෙස පළමු අඩුවීම සනිටුහන් කළ නමුත් අඛණ්ඩව ඉහළ යමින් පවතින භාණ්ඩ හා සේවා මිල ගණන් මෙන්ම COVID-19 වසංගත ව්‍යාප්තිය අවම කිරීම සඳහා වන අමතර වියදම් හේතුවෙන් පිරිවැය තවදුරටත් ඉහළ යාමට නියමිතව ඇති බව පැවැසේ.
ඉල්ලීම් තක්සේරු කිරීමෙන් පසු, මුදල් අමාත්‍යාංශය විසින් එළැඹෙන දෙසැම්බර් මාසය වනවිට මූලික අයවැය කෙටුම්පතක් සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර චීනය, රුසියාව සහ උතුරු කොරියාව යන රටවල් වලින් එල්ල වෙමින් පවතින ආරක්ෂක තර්ජන මධ්‍යයේ, ආරක්ෂක අමාත්‍යාංශය යෙන් ට්‍රිලියන 5.59ක අතිරේක පිරිවැයක් ඉල්ලුම් කර තිබේ. එය මෙතෙක් පැවති විශාලතම ආරක්ෂක පිරිවැය ලෙස සැලකෙන අතර එහිදී පෙර වසරේ පැවැති යෙන් ට්‍රිලියන 5.45 ඉක්මවා යාම සිදුවිය.