ජපානයේ සාත්තු සේවිකා රැකියා සඳහා සුදුස්සන් ලියාපදිංචි කරයි.


ලාංකිකයන්ට ජපානයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ

.

IM Japan වැඩසටහන යටතේ ජපානයේ සාත්තු සේවිකා රැකියා සඳහා සුදුසුකම් සහිත කාන්තාවන් ලියාපදිංචි කරගැනීමේ වැඩසටහනක් අද දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. 

 

ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ N4 මට්ටම හෝ ඊට ඉහල මට්ටමක් සමත්ව ඇති අයදුම්කරුවන්ගේ මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලියාපදිංචි කරගන්නා ලද අතර මීට අදාළ ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

Comments