ජපන් ජාතිකයෙක් තවත් කෙනෙකුට නැමිලා ගෞරව කරන්න ආය හිත හිතා ඉන්නේ නැහැ. ඒ වගේම තමයි තවකෙක්ට කතා කරද්දී san, sansei, kun, chan වගේ යෙදුමක් නමට පස්සේ භාවිත කරනවා. ඒක මහත්තයා, මහත්මිය වගේ ගරු කරලා කතා කරන එකට සමානයි. සාමාන්‍ය හමුවක දී විතරක් නෙවෙයි කාර්යාලයක හෝ මොකක් හරි සේවාවක් ලබාගන්න විට එහි වැඩ කරන අයත් තමන්ගෙන් සේවාව ලබාගන්න පුද්ගලයාට උපරිම ලෙස ගෞරව කරනවා. ජපන් සංස්කෘතියේ කොඳු නාරටිය තමයි මේ ගෞරවය.