ව්‍යාජ ඩයට් සාමාජික ලාංඡනය භාවිතා කර රජයේ ගොඩනැගිල්ලට ඇතුළු වූ පුද්ගලයෙකු අත්අඩංගුවට.


ඩයට් සාමාජිකයෙකු ලෙස ව්‍යාජ ලෙස ගොඩනැගිල්ලකට ඇතුළු වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ

.

ජපානයේ විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ලට අනවසරයෙන් ඇතුළු වූ බව කියන ව්‍යාජ ඩයට් සාමාජිකයෙකුගේ ලාංඡනයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙට්‍රොපොලිටන් පොලිස් ස්ථානය අගෝස්තු 31 දා නිවේදනය කර ඇත්තේ ටෝකියෝ හි ෂිනගාවා වාට්ටුවේ පදිංචි කනාටෝ ෆුජිමොටෝ අනවසරයෙන් ඇතුළු වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිගෙන ඇත.

 

පොලිසිය පවසන පරිදි මෙම පුද්ගලයා අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සැරිසරමින් සිටි අතර එහි ආරක්ෂක නිලධාරියෙකුට සැකයක් ඇති වී රජයේ සේවකයෙකු මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇත. එහිදී ඔහු විමර්ශන නිලධාරීන්ට පවසා ඇත්තේ ඔහු එය අන්තර්ජාලයෙන් මිලදී ගත් බවත් වෙනත් අමාත්‍යාංශ සහ ආයතනවලට ඇතළු වූ බව හා ඔහුට වැදගත් යැයි හැඟෙන්නට අවශ්‍ය වූ බවයි.

95 Views

Comments