Twitter සමාගම සිය වාර්තා උපුටා දක්වමින් සදහන් කර සිටියේ 2021 වසරේ පලමු භාගයේදී වාර්තා වූ වැඩිම Twitter පෝස්ටු සඳහා ඉවත් කිරීම් වෙනුවෙන් වූ ඉල්ලීම් වාර්තා වී ඇත්තේ ජපානයෙන් බවයි.
විවිධාකාර Twitter ගිණුම් වල අන්තර්ගත පල කිරීම් ,අදහස් දැක්වීම් සහ රූප සටහන් තහනම් කරන හෝ ඉවත් කරන ලෙස ඉල්ලා විවිධ රජයන්ගෙන් ,ආයතන වලින් සහ පුද්ගලික නීතිඥයන්ගෙන් Twitter පරිපාලනය වෙත ඉල්ලීම් 43397ක් ලැබී ඇති අතර ඒවායින් 18518ක් ලැබී ඇත්තේ ජපානයෙනි. ප්‍රතිශතයක් ලෙස මෙම අගය 93%ක් වන අතර මත්ද්‍රව්‍ය පාලනය,මූල්‍ය අපරාධ සහ සමාජ සාරධර්ම යනාදී අංශ වලට අදාළව මෙම ඉල්ලීම් ලැබී ඇති බව වාර්තා වේ.