2022 වසරේදී ජපානයේ වාර්තා වූ අපරාධ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර COVID-19 සීමා ලිහිල් වීමත් සමඟ වීදි අපරාධ අධික ලෙස වැඩි වී ඇත.
සමස්තයක් ලෙස ගත් කල පසුගිය වසරේ ජපානයේ අපරාධ සිද්ධීන් 601,389 ක් සිදුවී ඇති අතර එය 2021ට වඩා සියයට 5.9 කින් වැඩිය.
මේ අතර පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ජාතික පොලිස් ඒජන්සිය විසින් කරන ලද මාර්ගගත සමීක්ෂණයක දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 67.1 ක් පසුගිය වසර 10 තුළ ජපානයේ මහජන ආරක්ෂාව අඩු වී ඇති බව ප්‍රකාශ කල අතර සමහරවිට ජූලි මාසයේදී හිටපු අගමැති ෂින්සෝ අබේගේ ඝාතනයද මෙයට හේතුවක් විය හැක.