ජපානය වාර්තාගත දෙවන උණුසුම්ම ගිම්හානය අත්විඳියි.


ජපානයේ උණුසුම වාර්තාගත ලෙස ඉහළ යයි

.

ජපානයේ කාලගුණ නිලධාරීන් පවසා ඇත්තේ රට වාර්තාගත දෙවන උණුසුම්ම ගිම්හානය අත්විඳ ඇති බවයි. කාලගුණ විද්‍යා ඒජන්සිය ජුනි සිට අගෝස්තු දක්වා දත්ත පදනම් කරගෙන වාර්තාවක් නිකුත් කර ඇති අතර සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.91 කින් වැඩි වූ බව එහි සඳහන් වී ඇත.

 

ප්‍රධාන වශයෙන් ජපානයට දකුණින් ජලය හරහා පැතිරී ඇති පැසිෆික් අධි පීඩන පද්ධතියක් හේතුවෙන් මෙම ඉහළ උෂ්ණත්වය ඇති වූ බව නිලධාරීන් පවසන අතර ගෝලීය උණුසුම ඉහළ යාම ඊට හේතුවක් වන්නට ඇතැයි ද ඔවුහු පවසා ඇත.

 

ඔවුන් පෙන්වා දෙන්නේ මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම ටයිෆූන් වර්ධනයට ආධාර කළ හැකි බවයි. ඒජන්සි නිලධාරියෙක් පවසා ඇත්තේ වාර්තාගත උෂ්ණත්වය නිතර නිතර ඇති විය හැකි බවයි. ඒ වගේම ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳව දැනුවත්ව සිටින ලෙසයි.

160 Views

Comments