අඩුවෙමින් පවතින උපත් අනුපාතිකයට එරෙහි පියවරක් ලෙස වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින නිවෙස්වලට එක් දරුවෙකුට මසකට යෙන් 5,000ක් පමණ ලබාදෙන බව තෝකියෝ අගනගර රජය ඊයේ(04) නිවේදනය කළේය.
මෙට්‍රොපොලිටන් ආන්ඩුවට අනුව යෙන් 5,000 ක මාසික ප්‍රතිලාභය ගණනය කරනු ලැබුවේ ගෘහ අයවැය තුළ එක් දරුවෙකු සඳහා අධ්‍යාපන වියදම්වල ජාතික සාමාන්‍යය සහ තෝකියෝහි සාමාන්‍යය අතර වෙනසෙනි.
මේ අතර සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය විසින් පසුගිය මාසයේ නිකුත් කරන ලද වැදගත් සංඛ්‍යාලේඛනවලට අනුව 2022 දී රට පුරා වාර්ෂික උපත් සංඛ්‍යාව 800,000 ට වඩා අඩු වී තිබේ.