වැසිකිළියක අලුත උපන් බිළිඳකු හමුවීම හේතුවෙන්  31 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට.


අලුත උපන් බිලිඳා වැසිකිළියක දමා ගිය කාන්තාවක් අත්අඩංගුවට ගනී

.

ටොචිගි ප්‍රාන්තයේ උට්සුනොමියා හි පොලිසිය විසින් තම අලුත උපන් බිළිඳාව ඇගේ මහල් නිවාසයේ වැසිකිළියට දැමීමෙ සිද්ධිය සම්බන්ධයෙන් 31ක් හැවිරිදි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම සැකකාරිය පිලිපීනයේ සිට පැමිණ ඇති අතර පොලීස් ප්‍රශ්න කිරීම් වලදී ඇය පවසා ඇත්තේ බ්‍රහස්පතින්දා රාත්‍රී 10.30 ට පමණ වැසිකිළිය තුළදී බිළිඳා ප්‍රසූත කර ඉන් අනතුරුව බිළිඳාව වැසිකිලිය තුළට දැමූ බවයි.

 

සිකුරාදා දින එම කාන්තාව සමඟ ජීවත් වන ඇගේ ඥාතියෙකු වැසිකිළිය නිසි ලෙස සේදෙන්නේ නැති බව දැක ගොඩනැගිලි නඩත්තු කාර්යාලයට කතා කර ඇති අතර අලුත්වැඩියා කරන පුද්ගලයෙකු විසින් වැසිකිළිය අවහිර වීමේ හේතුව ලෙස මෙම බිළිඳු මළ සිරුර සොයා ගෙන ඇත.

Comments