ප්‍රබල භූමිකම්පාවක් නිරිත දිග චීනය කම්පා කරයි.


චීනයට ප්‍රබල භූමිකම්පාවකින් අනතුරු ඇති වේ

.

සඳුදා පස්වරුවේ චීනයේ නිරිත දිග ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී ඇත. එයින් හානියක් හෝ තුවාල වී ඇතිද යන්න තවමත් අනාවරණය වී නැත. සිචුවාන් පළාතේ ලුඩින් ප්‍රාන්තයේ මධ්‍යහන 12:52 ට රිච්ටර් මාපකයේ 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

 

රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව කේන්ද්‍රගත වී ඇත්තේ කිලෝමීටර් 10ක් ගැඹුරක බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා ඇත. භූ තැටි හමුවන ටිබෙට් සානුවේ මායිමේ පිහිටා ඇති සිචුවාන් නිරන්තරයෙන් භූමිකම්පාවලට ගොදුරු වන බව සඳහන් වී ඇත.

177 Views

Comments