ජපාන කොටස් වෙළඳපළ ගැන අනතුරු ඇඟවීමක්


ජපාන කොටස් වෙළඳපළ තත්ත්ව පාළන කොමිසම පසුගියදා අනතුරු අඟවා සිටියේ ..

.

ජපාන කොටස් වෙළඳපළ තත්ත්ව පාළන කොමිසම පසුගියදා අනතුරු අඟවා සිටියේ මහජන කොටස් අගයන් අනවශ්‍ය ලෙස මිල පහත දැමීම තුළින් වැළකීමට තැරැව්කරුවන් වග බලා ගත යුතු බවයි.

90%ක් පමණ වූ කොටස් වෙළෙඳපොළ තුළට අලුතෙන් ඇතුළත් වූ නව්‍ය සමාගම් චෝදනා කරන්නේ මහජන කොටස් වල මිල ගනන් පහත හෙලීමට තැරැව්කරුවන් විසින් දක්වන දායකත්වය ඉතා වැඩි බවයි. මෙකී තත්ත්වය හේතුවෙන් කොටස් වෙළෙඳපොළ තුළ සිය කොටස් අලෙවි කර ගැනීම අභියෝගාත්මක බවත් එය ඉතා ඉක්මනින් නිවැරදි විය යුතු බවත් ඔවුන්ගේ අදහසයි. මේ අනුව කොමිසම විසින් තැරැව්කරුවන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් අලුතෙන් ක්‍රියාත්මක කිරීමට යන බව සැලවේ. පෞද්ගලික කොටස් මිලදී ගැනීම ද මේ අනුව නිරීක්ෂණය කිරීමට යන බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

309 Views

Comments