ජපානයේ කොවිඩ් කොයිබටද?


ජපාන රජයේ කොවිඩ් මර්දන කමිටුවේ ප්‍රධානී Shigeru Omi පසුගියදා මාධ්‍ය අමතමින් පවසා සිටියේ...

.

ජපාන රජයේ කොවිඩ් මර්දන කමිටුවේ ප්‍රධානී Shigeru Omi පසුගියදා මාධ්‍ය අමතමින් පවසා සිටියේ, ජපානය මේ වන විට දෛනික රෝගීන් වාර්තා වීම ඉහළම අගයේ හෙවත් ප්‍රස්ථාරයේ උච්ච ස්ථානයේ රැඳී ඇති නමුත් දෛනික රෝගීන් වාර්තා වීම වේගවත්ව අඩුවීම ඉතා ඉක්මනින් සිදු නොවනු ඇති බවයි. 

තවදුරටත් ඔහු පවසා සිටියේ, මෙකී දෛනික ආසාදිතයින් ප්‍රමාණය තව සතියක් පමණ මේ ආකාරයටම වාර්තා වනු ඇති බවත් ඉන් අනතුරුව රෝගීන් වාර්තාවීමේ අඩුවක්  බලාපොරොත්තු විය හැකි බවත්ය.  ජපානයේ සමහර ප්‍රාන්තවල රෝගීන් වාර්තා වීම අඩු වීමට පටන්ගෙන තිබීම වඩා සුබවාදී ලකුණක් වන බවත් ඔහු පැවසීය.

199 Views

Comments