ජපන් සාප්පුවලින් Sega නම ඉවත් වෙයි


Sega නාමය  ජපානය පුරා පැතිර ඇති සාප්පු වලින් ඉවත් කර ඒ වෙනුවට අලුත් සන්නාමයක් එළිදැක්වීමට නියමිතයි.

.

Sega නාමය  ජපානය පුරා පැතිර ඇති සාප්පු වලින් ඉවත් කර ඒ වෙනුවට අලුත් සන්නාමයක් එළිදැක්වීමට නියමිතයි.

 

පසුගිය වර්ෂයේ මුල් භාගයේ  Sega මව් සමාගම වන Sega Sammy Holdings විසින් එය සතු වත්කම්වලින් සියයට 85 ක ප්‍රමාණයක් Genda නම්  ටෝකියෝ පාදක කරගත් විනෝදාස්වාද සේවා සපයන සමාගමකට විකිණීමෙන් අනතුරුව ඔවුන් ජපානය පුරා විසිරී ඇති sega සාප්පු හල් 200ක පමණ හිමිකාරිත්වය ලබා ගත්තහ.

 

පසුගිය ජනවාරි මස Sega නමින් පවත්වාගෙන පැමිණි සමාගම  Genda Sega Entertainment ලෙස වෙනස් කළ ද අදාල සමාගම වසරකට පසුව නැවත නිවේදනය කර ඇත්තේ  එහි නාමය නැවතත් සම්පූර්ණයෙන්ම වෙනස් කරන බවයි .එම සමාගමේ නව නාමය  Genda GiGo Entertainment  ලෙස හඳුන්වා දී තිබේ.

 

ඒ අනුව  Sega නාමය සම්පූර්ණයෙන්ම එම සාප්පු හල් වලින් ඉවත් වී යනු ඇත.

509 Views

Comments