හිටපු අගමැති අබේ මහතාගේ අවසන් කටයුතු නවත්වන්නැයි ඉල්ලා අත්සන් ලක්ෂ 4ක්.


හිටපු අගමැති තුමාගේ අවමංගල්‍ය උත්සවයට බොහෝ පිරිස් විරෝධතාවය පල කරයි

.

හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යයට විරුද්ධ පුරවැසියන් පිරිසක් උත්සවය අවලංගු කරන ලෙස ඉල්ලා කැබිනට් කාර්යාලයට ආසන්න වශයෙන් අත්සන් 400,000 ඉදිරිපත් කළ බව ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno පවසා ඇත.

 

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් විවිධ මත පවතින බව ඔවුන් දන්නා බවත් නිල ජාතික උත්සවයක් ලෙස උත්සවය සංවිධානය කර විදේශ අමුත්තන්ට පැමිණීමට ඉඩ සැලසෙන ආකාරයට අවමංගල්‍ය උත්සවය පැවැත්වීම සුදුසු බවට ඔවුන් තීරණය කර බවයි. 

 

අගමැති ෆුමියෝ කිෂිඩා රාජ්‍ය අවමංගල්‍යය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා සැප්තැම්බර් 8 වැනි දිනට පෙර සැලසුම් කර ඇති ඩයට් සාකච්ඡාවලට සහභාගී වීමට නියමිතව ඇත.

Comments