සුප්‍රසිද්ධ ජපාන සජීවිකරණ චිත්‍රපට මාලාවක් වන Ghibil හි පසුබිම් වලට අදාලව නිර්මාණය කරනලද උද්‍යානයක් Aichi නගරයේ නිර්මාණය කිරීමට පටන් ගත් අතර එය එළඹෙන නොවැම්බර් මසදී මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව Aichi ප්‍රාන්ත රජය නිවේදනය කර සිටියේය.
අර්ධ ලෙස වැඩ අවසන් කෙරුණු මෙකී උද්‍යානයේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කෙරුණු අතර ඒක දැවැන්ත තාක්ෂණික අංගෝපාංග සහිත විනෝදාත්මක උද්‍යානයක් බව ආරංචි මාර්ග වලින් සනාථ වේ. හෙක්ටෙයාර 7.1ක් පුරා පැතිරී ඇති මෙම උද්‍යානය නිර්මාණය කිරීම පටන් ගැනුණේ පෙර EXPO සැමරුම් උද්‍යානය පිහිටි භූමියේ වර්ෂ 2020 දී ය. දැනටමත් දෙස් විදෙස් ප්‍රේක්ෂක ජනයා මෙහි ඉදිකිරීම් කටයුතු දැකගැනීමට එම භූමියට ඇදෙමින් පවතින බව සැලවේ.