අබේ රාජ්‍ය අවමංගල්‍යයට එරෙහිව සිය ගණනක් විරෝධතාවයක.


හිටපු අග්‍රාමාත්‍ය තුමාගේ අවමංගල්‍ය උත්සවයට බොහෝදෙනාගේ විරුද්ධත්වය එල්ලවෙයි

.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට එරෙහිව සිවිල් කණ්ඩායම් විරෝධතාවක් පවත්වා ඇති අතර බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවයට 500 දෙනෙකු සහභාගී වූ බව සංවිධායකයෝ පවසා ඇත.

 

කැබිනට් කාර්යාල පිහිටුවීමේ පනතේ 

අනුව රාජ්‍ය උත්සව සම්බන්ධ කාරණා සම්බන්ධයෙදී කාර්යාලයට පාලනය ඇති බවත්, අවමංගල්‍ය කටයුතු සඳහා කැබිනට් තීරණයට නෛතික පදනමක් ඇති බවත් රජය ප්‍රකාශ කර ඇත.

 

විරෝධතාවයට සහභාගී වූ 29 හැවිරිදි කාන්තාවක් පවසා සිටියේ කොරෝනා වයිරස් වසංගතය මධ්‍යයේ බොහෝ දෙනා අරගල කරන බැවින් බදු ගෙවන්නන්ගේ මුදල් විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් අවමංගල්‍ය උත්සවය පැවැත්වීම ප්‍රශ්නකාරී බවයි.

114 Views

Comments