ඒකපාර්ශ්වික උත්සාහයන්ට විරුද්ධ වීමට ජපානය ඉන්දියාව එකඟ වේ.


ජපානය හා ඉන්දියාව අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය වේ

.

බලහත්කාරයෙන් හෝ දැනට පවතින තත්ත්වය වෙනස් කිරීමට දරන ඒකපාර්ශ්වික උත්සාහයන්ට දැඩි ලෙස විරුද්ධ වන බවට ජපානයේ සහ ඉන්දියාවේ විදේශ අමාත්‍යවරුන් සහ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරුන් එකඟ වී ඇත. ඒ බ්‍රහස්පතින්දා ටෝකියෝ හි පැවති ටූ-ප්ලස්-ටු සාකච්ඡාවේදීය. 

 

ජපානයේ විදේශ අමාත්‍ය Hayashi Yoshimasa සහ ආරක්ෂක අමාත්‍ය Hamada Yasukazu සහභාගී වූ අතර ඉන්දියාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සහ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං එක්ව ඇත.

 

නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමට සහ රටවල් දෙකෙන් මෙන්ම එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාවෙන් සැදුම්ලත් Quad රාමුව තුළ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා එක්ව ක්‍රියා කරන බව ද එහිදී ඔවුන් තහවුරු කර ඇත.

145 Views

Comments