විදෙස් තාක්ෂණික සිසුන්ගේ ආර්ථික තත්වය සොයා බැලේ..


තාක්ෂණික පාඨමාලා සඳහා පුහුණු වන්නන් ලෙස ජපානයට පැමිණ සිටින විදේශීය සිසුන් ..

.

තාක්ෂණික පාඨමාලා සඳහා පුහුණු වන්නන් ලෙස ජපානයට පැමිණ සිටින විදේශීය සිසුන් විශාල ප්‍රමාණයක් එම පාඨමාලා අතරමඟ නතර කර දමන ප්‍රවණතාවයක් වාර්තා වී ඇති බවත් 45%ට වඩා වැඩි ප්‍රතිශතයක් සිසුන් පාඨමාලා අවසාන ශ්‍රේණිය අසමත් වී ඇති බවත් වාර්තා වී තිබේ.

සමීක්ෂණ වාර්තා සඳහන් කරන පරිදි මීට ප්‍රධානම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ විදෙස් ශිෂ්‍යයින්ගේ ආර්ථික අපහසුතාවයන් බව පෙනී ගොස් තිබේ. ජපන් ආගමන සේවා ඒජන්සිය, ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය එක්ව දෙදහසක් පමණ වන විදේශීය තාක්ෂණික සිසුන්ගෙන් ඔවුන්ගේ ආර්ථික තොරතුරු එක්රැස් කිරීමට විශේෂ සංගණන ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කර තිබේ. අධ්‍යාපනය ලබන අතරතුර අමතර රැකියා කිරීම නිසාද මෙම තත්ත්වය ගත වී ඇති බව අදාළ අංශ සඳහන් කරයි.

Comments