බෝට්ටුවක් පෙරළී මියගිය අයගේ සිරුරු ජපානයට


Kazu1 බෝට්ටු අනතුරෙන් මියගිය පුද්ගල සිරුරු තුනක් රුසියාවෙන් ජපානයට බාරදෙයි

.

අප්‍රේල් මාසයේදී හොකයිඩෝ හි ෂිරෙටෝකෝ අර්ධද්වීපයට ඔබ්බෙන් ගිලී ගිය සංචාරක බෝට්ටුවේ සිටි පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු සිකුරාදා රුසියාව විසින් ජපානයට භාර දී ඇත.

 

හොකයිඩෝ හි ෂිරෙටෝකෝ අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදුබත් වන විට සංචාරක බෝට්ටුව පුද්ගලයින් 26 දෙනෙකු රැගෙන යමින් සිට ඇති අතර පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇත.

 

රුසියානු බලධාරීන් විසින් සිදු කරන ලද DNA පරීක්ෂණවලදී මළ සිරුරු පෙරළුණු සංචාරක බෝට්ටුවේ සිටි තිදෙනෙකුගේ බවට තතහවුරු වී ඇත. මළ සිරුරු ආපසු භාරදීමෙන් පසු මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට ජපානය සැලසුම් කර ඇත.

139 Views

Comments