රටට ඇතුලුවන විදේශිකයන් නිරත විය යුතු නිරෝධායන කාලය පසුගිය සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 10යේ සිට 7 දක්වා අඩු කිරිමට ජපාන රජය තීරණය කර ඇත.
පසුගිය නොවැම්බර් 30වනදා සිට විදේශිකයන්ට එරටට ඇතුලු වීම සීමා කර තිබූ හෙයින් එය බොහෝ පිරිසකට අහිතකර ලෙස බලපා තිබුණි.විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාවට ඔවුන්ගේ බොහෝ සැලසුම් එම හේතුවෙන් හකුලා ගන්නට සිදුවිනි.
නිරෝධායන කාලය අඩුකිරීමද එම ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලීම් බලපා තිබෙන බව ආරංචි මාර්ග පවසයි . ඔමික්‍රෝන් ප්‍රභේදය වෙනත් ප්‍රභේද වලට වඩා වෙනස් ලක්ශන සහිත හෙයින් මෙසේ එම තීරණය ගැනීමට රජය පෙලඹුන බව ඔවුන් ප්‍රකාශ කර තිබුණි.