පසුගියදා ජපානයේ සයිටාමා ප්‍රාන්තයේ Fujimino නගරයේ 66 හැවිරිදි පුද්ගලයෙකුගේ පහරදීමක් නිසා දිවිය අහිමි වූ 44 හැවිරිදි වෛද්‍යවරයා Junichi Suzuki නම් අයෙකු බව හඳුනාගෙන තිබේ. ඔහුගේ වියෝව ඔහුගේ රෝගීන් ගණනාවකට සහ හිතවතුන් විශාල පිරිසකට අදටත් මහත් වේදනාවක් ගෙන එන සිදුවීමක් බවට පත්ව තිබේ.
අනාවරණය වන පරිදි Junichi Suzuki මහතා රෝගීන්ට මහත් කාරුණික අයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලා ඇති අතර සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද ක්‍රියාකර තිබේ. කොවිඩ් ආසාදිතයින් හටද නිවසටම පැමිණ ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු ලෙස ඒ මහතා නගරවාසීන්ගේ මහත් ආදරයට ලක් ව සිටිබව අසල්වාසීන් පවසා තිබේ.