පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජපානය තුළ දිවා සුරකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් වසා දැමීම නිසා දරුවන් රැකබලා ගන්නන්ට ජපානය තුළ ඇති ඉල්ලුම වැඩිවී තිබේ.
ඔසාකා නගරයේ එලෙස සේවා සපයන ආයතනයකට පසුගිය සතියේ පමණක් එවැනි ඉල්ලුම් හැටක් පමණ ලැබී ඇති අතර ඒ සාමාන්‍ය ප්‍රමාණයෙන් තුන්ගුණයක් පමණ බව ඔවුන් පවසා තිබේ.
ප්‍රාන්ත ආරංචිමාර්ග වලට අනුව පසුගිය ඉරිදා දිනය වෙනවිට ළදරු පාසල් දරුවන් 688 දෙනෙකුට වෛරස ආසාදනය වී ඇත .
කෙසේ නමුත් එම ක්ෂේත්රයේ රැඳී සිටින්නන් පවසන ආකාරයට මෙම ඉහළ යන ඉල්ලුමත් සමග එවැනි සේවා සපයන්නන් සොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වී ඇත.