අගෝස්තු මාසයේදී ෂිබුයා දුම්රිය ස්ථානය අසලදී අහඹු ප්‍රහාරයකින් 53 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 19 හැවිරිදි දියණියට පිහියෙන් ඇන 15 හැවිරිදි දැරියක් පවුල් අධිකරණයකට යැවීමට ටෝකියෝ දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය තීරණය කර ඇත.
සිද්ධිය වී ඇත්තේ අගෝස්තු 20 වෙනිදා රාත්‍රී 7.20ට පමණය.සයිටම් ප්‍රාන්තයේ තෝඩා ප්‍රදේශයේ කනිෂ්ඨ උසස් පාසල් සිසුවියක් වන දැරිය පොලිසියට පැවසුවේ තම මව මරා දැමීමට අවශ්‍ය වූ නිසා පුද්ගලයෙකුට මරා දැමීමට ඇයට හැකියාවක් ඇත්දැයි බැලීමට තමන් මෙම පුද්ගලයන් දෙදෙනාට පිහියෙන් ඇන බවයි. ප්‍රහාර සඳහා ඇය කුස්සියේ පිහියක් භාවිතා කර ඇති අතර එම අවස්ථාවේ ඇය සතුව කුඩා පිහි තුනක්ද තිබී ඇත.
අදාළ මව හා දියණියගේ පිටුපසට පිහියෙන් ඇන ඇති අතර 19 හැවිරිදි තරුණියට සෙන්ටිමීටර 10 ක් පමණ ගැඹුරට පිහියකින් තුවාල වී ඇත. කෙසේ වෙතත්, ඔවුන්ගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව වෛද්‍යවරු පැවසූහ.