1930 සහ 1940 ගනන්වල හොලිවුඩයේ ඊනියා ස්වර්ණමය යුගයේ සිට මැකාති යුගයේ අසාදු ලේඛනයෙන් කලකට බාධා වූ වෘත්තියක ලෝරන්ස් ඔලිවියර් සිට ඇන්ඩි ග්‍රිෆිත් දක්වා රංගන ශිල්පීන් සමඟ වැඩ කළ නිළියක වන මාෂා හන්ට් පසුගියදා මිය ගියාය . මිය යන විට ඇය 104 පසුවිය.
චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් 100කට අධික සංඛ්‍යාවක පෙනී සිටි හන්ට් බදාදා දින කැලිෆෝනියාවේ ෂර්මන් ඕක්ස් හි පිහිටි ඇගේ නිවසේදී මිය ගිය බව 2015 වාර්තා චිත්‍රපටය වන “Marsha Hunt’s Sweet Adversity” හි ලේඛක අධ්‍යක්ෂක Roger Memos පැවසීය.
චිකාගෝ ස්වදේශිකයෙකු වන ඇය 1935 දී හොලිවුඩයට පැමිණි අතර ඊළඟ වසර 15 තුළ ප්‍රෙස්ටන් ස්ටර්ජස් ප්‍රහසන “ඊසි ලිවිං” සිට ඔලිවියර් සහ ග්‍රීර් ගාර්සන් රඟපෑ ජේන් ඔස්ටන්ගේ “ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩීස්” අනුවර්තනය දක්වා චිත්‍රපට බොහෝ ගණනක පෙනී සිටියාය.
MGM විසින් ඇයව "හොලිවුඩයේ ලාබාලතම චරිතාංග නිළිය" ලෙස නම් කරන විට ඇය වයස අවුරුදු 40 ට අඩු විය. 1950 ගණන්වල මුල් භාගය වන විට, ඇය ලයිෆ් සඟරාවේ කවරයේ පෙනී සිටීමට තරම් තරුවක් විය.