පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් යොකොහමා වසන්ත සැනකෙලිය සීමා කිරීමට එහි සංවිධායකයන් තීරණය කර තිබේ.
කනගාවා ප්‍රාන්තයේ ඇති හදිසි තත්ත්වය හේතුවෙන් මෙලෙස පියවර ගැනීමට යොකොහමා හි කඩ සාප්පු හා අවන්හල් හිමියන් පිරිසක් තීරණය කර ඇත.
මෙම උත්සවයට පෙබරවාරි 1 සිට 15 දක්වා දින සැලසුම් කර තිබුනද කොරෝනා තත්ත්වය හේතුවෙන් එය සැලසුම් කල පරිදි සිදුකිරීමට නොහැකි වන බව සංවිධායක කමිටුව දැනුම් දී ඇත.