ජපාන අගමැති Fumio Kishida එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි නොවීමට තීරණය කරයි


Fumio Kishida රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි නොවණ බව නිවේදනය කරයි

.

පසුගිය බ්‍රහස්පතින්දා දින වයස අවුරුදු 96 ක්ව සිටියදී තම දිවි ගමන නිමා කළ සහ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලනය කළ දෙවන එලිසබෙත් රැජිනගේ අභාවප්‍රාප්තිය හේතුවෙන් එළැඹෙන සැප්තැම්බර් 19 වන දින  බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිත රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට සහභාගී වන ලෙසට දනවමින් බ්‍රිතාන්‍යයෙන් හිමිවූ ආරාධනා පත්‍ර පිරවූ ජපාන අධිරාජ්‍යයා සහ අධිරාජිනිය එම අවස්ථාවට සහභාගී වීමට සැලසුම් කර ඇති බවත් එබැවින් ජපාන අගමැති Fumio Kishida එම අවස්ථාවට සහභාගී නොවනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය .

 

රාජකීය සහ අධිරාජ්‍ය පවුල් අතර දිගු කලක් තිස්සේ පැවති ගැඹුරු බැඳීමක් නිසාවෙන් සහ බි‍්‍රතාන්‍ය විසින් ජපානයට කරන ලද ආරාධනය පුද්ගලයන් දෙදෙනෙකු සඳහා පමණක් සිමා වූ බැවින් Naruhito අධිරාජ්‍යයා සහ Masako අධිරාජිනිය පමනක් මෙලෙස අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට පියවර ගෙන තිබේ. 

 

කෙසේ නමුත් එක්සත් ජනපද ජනාධිපති Joe Biden ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් මෙම අවමංගල්‍යය උත්සවයට සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Comments