19 හැවිරිදි තරුණියක ඝාතනය කළ Chiba ප්‍රාන්තයේ සැකකරුවෙකු නඩු විභාගයට යොමු කෙරේ


තරුණිය ඝාතනය කළ පුද්ගලයා නඩු විභාගයට යොමු කරයි

.

පසුගිය 2021 වසරේ මැයි මාසයේදී Chiba ප්‍රාන්තයේ Sodegaura හි සමාජ ජාල සේවාවක් හරහා හමු වූ Ami Nakagome නම් 19 හැවිරිදි තරුණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් Karaoke ශාලාවක අර්ධ-කාලීන සේවකයෙකු ලෙස කටයුතු කළ Shota Natsumi නම් 25 හැවිරිදි තරුණයෙකු සඳුදා දින Chiba දිස්ත්‍රික් උසාවියේ පැවැති එම ඝාතනයේ නඩු විභාගය සදහා යොමු කර ඇති බව වාර්තා වේ .

 

පුහුණු කොණ්ඩා මෝස්තර ශිල්පිනියක් වූ Nakagome ට මාරාන්තික ලෙස පිහියකින් ඇන ඝාතනය කිරීම Nastumi ට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන අතර නඩුවේ ආරම්භක සැසියේදී සැකකරු විසින් එම චෝදනාව පිළිගත් නමුත්, ඝාතනය කිරීමේ චේතනාව ප්‍රතික්ෂේප කළ බව සිදුවිම සම්බන්ධ සමිප මුලාශ්‍ර මෙහිදී කියා සිටියේය .

 

පසුගිය වසරේ මැයි 7 වැනි දින අවසන් වරට  නිවසින් පිටව ගිය ඇය තම මව සමඟ වාසය කර ඇති අතර ඇගේ දුරකථනයේ GPS දත්ත භාවිතා කිරීමෙන් අනතුරුව ඇගේ සොහොයුරා සහ ඔහුගේ මිතුරා ඇතුළු සෝදිසි කණ්ඩායමක් විසින් උණ බම්බු වනාන්තරයක අතැර දමා ගොස් තිබූ ඇගේ සිරුර මැයි 12 වන දින සොයා ගන්නා ලදී.

 

මෙම වනාන්තරය ඇගේ නිවසේ සිට මීටර් 450 ක් පමණ දුරින් පිහිටා ඇති බවත් ඇගේ සිරුර සොයා ගන්නා විට සම්පූර්ණයෙන්ම ඇඳ පැළඳ සිටි අතර ඇගේ මුදල් පසුම්බිය සහ ස්මාර්ට් ජංගම දුරකථනය ඇය ළඟ තිබූ බවත් නිලධාරීන් සදහන් කළේය . ඇගේ සිරුර අසල බිම තිබියදී ඇගේ බෑගය සහ කඹයක් හමුවී ඇති අතර ඇයගේ සිරුර සොයා ගන්නා විටත් දිරාපත් වීමට පටන් ගෙන තිබූ බැවින් ඇය නිවසින් පිටව ගිය විගසම මරා දමා ඇති බවට පොලිසිය සැක පළ කර තිබේ. 

 

එමෙන්ම Yokohama හි පිහිටි Natsumi ගේ නිවසේ තිබීයදී හමුවූ ලේ පැල්ලම් සහිත පිහිය යොදා ගනිමින් සිදු කරන ලද DNA විශ්ලේෂණයේදී තහවුරු වූ රුධිර වර්ගය Nakagome ගේ රුධිර වර්ගයට ගැළපෙන බව නඩු පවරන්නන් විසින් මෙහිදී පෙන්වා දුන් අතර පසුගිය 2021 මැයි 8 වන දින රාත්‍රියේ Yokohama ප්‍රාන්තයේ Midori Ward හි පිහිටි උද්‍යාන වැසිකිළියක් තුළ බාල වයස්කරුවෙකු සමඟ ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් සැකපිට එම වසරේ ජුනි මාසයේදී මුල්වරට Natsumi අත්අඩංගුවට ගෙන ඇත .

111 Views

Comments