ඔමික්‍රොන් පැතිරයාම හේතු කොටගෙන ජපානය පුරා ප්‍රාන්ත කිහිපයකට පනවන ලද අර්ධ හදිස්සි තත්වය, තෝරාගත් ප්‍රාන්ත බල ප්‍රදේශ 16ක් සඳහා තව දුරටත් ක්‍රියාත්මක කිරීමට ජපාන රජය තීරණය කරන ලද බව අග්‍රාමාත්‍ය Fumio Kishida පසුගියදා ප්‍රකාශ කලේය.
ඔසාකා,කියෝටෝ සහ ෆුකුඕකා ඇතුළු තදාසන්න ප්‍රාන්ත ප්‍රදේශ මෙම දීර්ඝ කිරීමට යටත් වන බව සැලවේ. ඔමික්‍රොන් වෛරස තත්වය පැතිර යාම හමුවේ මෙකී ප්‍රාන්ත වල සාර්ථකත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව රාජ්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.