ජපානය ප්‍රතිචක්‍රීකරණය වැඩි කිරීමට සැලසුම් කරයි.


ජපානය තුල ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට රජය සැලසුම් කරයි

.

රට තුළ ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිත කිරීමේ පරිමාණය පුළුල් කිරීමේ සැලැස්මක් ජපාන රජය විසින් එළිදක්වා ඇත. මෙය 2050 වන විට කාබන් මධ්‍යස්ථ සමාජයක් සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කයේ කොටසකි.

 

2030 වන විට භාවිතා කරන ලද සූර්ය පැනල සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන වලින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද දුර්ලභ සහ අනෙකුත් ලෝහ ප්‍රමාණය දෙගුණ කිරීමේ සැලැස්මක් රජයේ මාර්ග සිතියමට ඇතුළත් වන අතර ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ප්‍රමාණය දෙගුණ කිරීම ද එම උපාය මාර්ගයේ අරමුණ වේ.

 

ආහාර අපද්‍රව්‍ය ටොන් මිලියනයකට වඩා අඩු කිරීමේ ඉලක්කයක් ද මෙම සැලැස්මට ඇතුළත් වේ. තිරසාර ඉන්ධන නිෂ්පාදනය සඳහා අපද්‍රව්‍ය භාවිතය ද ප්‍රවර්ධනය කෙරෙනු ඇති  අතර එවැනි උත්සාහයන් මගින් ගෘහස්ථ හරිතාගාර වායු විමෝචනය 36% කින් පමණ අඩු කරනු ඇතැයි රජය ඇස්තමේන්තු කර ඇත.

92 Views

Comments