ජපානය හා ඇමරිකාව එක්ව ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්


ජපානය හා ඇමරිකාව එක්ව ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පවත්වා තිබෙනවා.

.

ජපාන ස්වයං-ආරක්ෂක බලකායන් සහ එක්සත් ජනපද හමුදාව එක්ව ජපානයේ නිරිතදිග දූපත් සහ ඒ අවට ඒකාබද්ධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ එම ප්‍රදේශවල ඔවුන්ගේ මෙහෙයුම් හැකියාව ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙසයි.

Keen Sword නමින් හැඳින්වෙන මෙම අභ්‍යාසය නොවැම්බර් 19 දක්වා පැවැත්වීමට නියමිත අතර ජපාන ගොඩබිම්, සමුද්‍රීය සහ ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ 26,000 ක් පමණ සහ අභ්‍යවකාශ බලකායේ අය ඇතුළු එක්සත් ජනපද සොල්දාදුවන් 10,000 ක් පමණ සහභාගී වන බව වාර්තා වනවා.

 

112 Views

Comments