ටෝකියෝ හි හදිසි තත්වයක්


ඉතා සීග්‍රයෙන් පැතිර යන  ඔමික්‍රෝන්  ප්‍රභේදය හේතුවෙන් ටෝකියෝ නුවර රෝහල් ගණනාවක් රෝගීන්ගෙන් පිරී ගොස්

.

ඉතා සීග්‍රයෙන් පැතිර යන  ඔමික්‍රෝන්  ප්‍රභේදය හේතුවෙන් ටෝකියෝ නුවර රෝහල් ගණනාවක් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව වාර්තා වේ. මෙය ටෝකියෝ නුවර හදිස්සි තත්වයක් ප්‍රකාශ කිරීමට තරම් ප්‍රබල අවස්ථාවක් ලෙස හඳුනාගෙන තිබේ . 

 

ඔමික්‍රෝන්  ප්‍රභේදය  පැතිරයාම වැළැක්වීමට විශේෂයෙන් අවන්හල් වැනි ස්ථානවලින්,  පසුගියදා ජපන්  රජය ටෝකියෝ නුවර දැඩි සීමා කිරීම් පනවා තිබුණි .එසේ තිබියදීත් පසුගිය දා ටෝකියෝ  නුවරින්  ආසාදිතයින් 10,000 ඉක්මවා වාර්තා විණි.  

 

මෙලෙස ආසාදිතයන් දිනෙන් දින වැඩි වීමත් සමග තෝකියෝ නුවර හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට සිදු වීම එරට ආර්ථිකයට දැඩි ලෙස බලපාන බව අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ අදහසයි.

Comments