වියට්නාම ජාතිකයෙකු පිහි ඇනුමකින් ටෝකියෝ හි දී මියයයි


ටෝකියෝ නුවර දී වියට්නාම ජාතිකයෙකු පිහි ඇනුම ක ට ලක්ව මිය යයි

.

ටෝකියෝවට නුදුරින් පිහිටි කවාසාකි නගරයේ වීදියකදී 57 හැවිරිදි වියට්නාම ජාතිකයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. මෙම සිදුවීම ඉරිදා සවස සිදුවුනු අතර ලේ ගලමින් මහ පාරේ සිටි වින්දිතයා වහා රෝහලට ගෙන ගියද මිය ගිය බව තහවුරු වූ බව පොලිසිය පවසා ඇත. 

 

ඔහු වියට්නාම ජාතිකයෙකු වන අතර Nguyen Dai Hiep නම් සමාගමේ සේවකයෙකු බව ඔවුන පවසා ඇත. ඔහුගේ පපුවට පිහියකින් ඇන ඇතැයි පොලිසිය පවසන අතර එම ස්ථානයේ තිබී කිසිදු අවියක් මෙතෙක් සොයාගෙන නැත. ඔවුන් මිනීමැරුම් පරීක්ෂණයක් ආරම්භ කර පහර දුන් පුද්ගලයා සෙවීමට විමර්ශන ආරම්භ කර ඇත.

 

මෙම පිහි ඇනුම සිදුව ඇත්තේ කවාසාකි දුම්රිය ස්ථානය ආසන්නයේ බොහෝ ආපනශාලා සහ වෙනත් ව්‍යාපාර සහිත කාර්යබහුල ප්‍රදේශයක වන ඇතර සැකකටයුතු කිසිවකු දුටුවේ දැයි පොලිසිය ප්‍රදේශයේ ජනතාවගෙන් විමසා සිටින අතර ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසද පොලිසිය ඉල්ලා ඇත.

Comments