ජපානයේ Tokyo අගනුවරින් ඊට පෙර දින රෝගීන් COVID-19 වෛරස ආසාදිතයින් 8825 දෙනෙකු වාර්තා කිරීමෙන් පසුව සැප්තැම්බර් 16 වන සිකුරාදා දින නව Corona වෛරස ආසාදිතයින් 8636 දෙනෙකු වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
එමෙන්ම ඊයේ දිනය තුළදී අගනුවරින් COVID-19 මරණ 13 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 5718 දක්වා ඉහළ ගොස් තිබේ.
COVID-19 වසංගතයේ හත්වන රැල්ල සමඟ සටන් කරමින් සිටින අගනුවරින් සැප්තැම්බර් පළමු සතිය තුළදී දිනකට සාමාන්‍ය රෝගීන් 11,344.3 ක් වාර්තා වූ අතර දෙවන සතිය තුළදී 8,960 දෙනෙකු වාර්තා විය. එමෙන්ම අගනුවරින් මේ දක්වා සමස්ථ Corona වෛරස ආසාදිතයින් 3,085,210 දෙනෙකු ලියාපදිංචි කර ඇති බව සඳහන් වේ.